Nipun Jayasena

Engineering, Tech Projects & Solutions

Featured Work & Updates

Facebook පාවිච්චි කරන අය අනිවාර්යයෙන්ම දැනගත යුතු Hidden Tricks 5ක්!

 

Facebook එකේ Scroll කරන එක අපේ දෛනික පුරුද්දක්. හැබැයි Facebook එක වඩාත් පහසුවෙන් සහ ආරක්ෂිතව පාවිච්චි කරන්න පුළුවන් Settings ටිකක් ගැන ඔයා දැනගෙන හිටියාද?



1. Unfollow Trick: Unfriend නොකර Newsfeed එකෙන් අයින් කරමු

සමහර යාලුවන්ගේ Posts බලන්න අස නැද්ද? හැබැයි Unfriend කරන්නත් බැරිද? එයාගේ Profile එකට ගිහින් Friends එක උඩ Click කරලා Unfollow දෙන්න. එතකොට එයාට දැනෙන්නේ නැතුව Posts නොපෙනී යනවා!


2. Data කැපෙන එක නවත්තන්න: Video Auto-play Off කරමු

Facebook එකේ Scroll කරද්දී නිකන්ම Videos Play වෙලා Data ඉවර වෙනවා නේද? Settings & Privacy -> Settings -> Media වලට ගිහින් Never Autoplay Videos තෝරන්න.


3. ඔයා යැවූ Pending Friend Requests එක පාර අයින් කරමු

අපි කාලෙකට කලින් යවපු Friend Requests තාමත් Pending ද බලන්න Profile -> Friends -> See All -> Dots 3 Click කරලා View Sent Requests බලලා Cancel කරන්න.


4. Profile එක ආරක්ෂිත කරගන්න (Privacy Settings)

ඔයාගේ Profile Photos සහ Personal Info නොදන්න අයට නොපෙනෙන සේ සඟවා තබන්න Profile Locking සහ Active Status Hide කිරීමේ Options පාවිච්චි කරන්න.


5. AI Powered Search & Editing Features

දැන් Facebook search එකෙන් ඕනෑම ප්‍රශ්නයකට AI එකෙන් උත්තර ලබාගන්න පුළුවන් වගේම Stories දාද්දී AI Collage Templates සහ Automated Video Edit Tools භාවිත කරන්න පුළුවන්.



මේ Tricks වලින් ඔයාගේ Data සහ Privacy දෙකම රැකගන්න පුළුවන්. ඔයාට වැදගත්ම වුණ Trick එක කොමන්ට් එකක් දාගෙන යන්න!